කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානය



ඡායාරූපය - විහාර ගෙය ශ්‍රී සුදර්ශනාරාමය

ඉතිහාසය:

සියනෑ කෝරළේ අධිකාරි පත්තුවෙහි පිහිටි කිරිබත්ගොඩ ග‍්‍රාමය මුලින්ම හඳුන්වා ඇත්තේ තලවතුහේන්පිට නමිනි. එය ද තලවතුහේන්පිට උතුර- දකුණ වශයෙන් දෙකොටසකට බෙදී පැවතුණි. කිරිබත්ගොඩ නගර සීමාව පසු කොට නුවර දෙසට ගමන් කරනා විට හමුවන පාලම විවෘත කිරීමේ උත්වයට බාරයක් ඔප්පු කිරීම වශයෙන් පිසින ලද කිරිබත් අසළ කුඹුරෙහි ගොඩ ගැසීම නිසා කිරිබත්ගොඩ නාමය බිහි වූ බව ජනප‍්‍රවාදයයි.


කිරිබත්ගොඩ ග‍්‍රාමයේ විසූ විදානලාගේ බ‍්‍රම්පි සිඤ්ඤෝ සහ ස්වකීය සොයුරිය වන මැන්චිනෝනා හාමිනේ යන දෙපොල විසින් 1866 දී රේවත නම් වූ ස්වාමීන් වහන්සේ වෙත වී බෙර දෙකක වපසරයකින් යුතු ව පූජා කළ ඉඩමෙහි විහාරස්ථානයක් ඉදි කළ බව ලේඛනයන්හි දැක්වෙන පුවතයි. ඊට මත්තෙන් මෙම ඉඩමෙහි පැවති කුඩා ගෘහය නුවර- කොළඹ ගමන් කරන භික්ෂූන් වහන්සේලා රාත‍්‍රී කාලයෙහි වැඩ සිටීමට භාවිත කර ඇත.


ඉන් අනතුරුව: පූජ්‍ය මිතව සොභිත, පූජ්‍ය වේඩරුවේ කොණ්ඩඤ්ඤ,පූජ්‍ය වීරඟුලේ රතනජෝති, පූජ්‍ය වීරඟුලේ සරණතිස්ස, පූජ්‍ය බැලුම්මහර පඤ්ඤාතිස්ස යන ස්වාමීන් වහන්සේලා විහාරාධිපති පදවිය දරමින් හා පූජ්‍ය උඩුපිල වජිරඥාන ස්වාමීන් වහන්සේ විහාරාධිකාරී පදවිය දරමින් කළ මෙහෙය ඉතා විශාල වේ.

ඡායාරූපය - පූජ්‍ය මාකොල මංගල හිමි (වත්මන් විහාරාධිපති , ශ්‍රී සුදර්ශනාරාමය, කිරිබත්ගොඩ)
මිතව සොභිත හාමුදුරුවෝ:-
පන්සලේ විසූ ප‍්‍රථම භික්ෂුව කවරෙක්දැ‘යි නිශ්චය වශයෙන් කිව නොහැකිය. එහෙත් නිත්‍ය පදිංචිය ස`දහා වැඩිය ‘භික්ෂුව’ මිතව හාමුදැරාවෝයැ‘යි ප‍්‍රසිද්ධය. උන්වහන්සේ කාගෙන්වත් ආරාධනාවක් හෝ අයිතියක් ඇතිව පැමිණි කෙනෙක් නොව දෛවය විසින් මෙහෙයවන ලදුව අහම්බෙන් පැමිණි කෙනෙකු හැටියට ස`දහන් කළ හැකිය.

මෙම කාලයෙහි සත් කෝරළයෙන් වැඩම කළ හාමුදුරුවරු දෙනමක් වැඩ විසූහ. එයින් එක නමක් කිරිබත්ගොඩ විසූ මිතව හාමුදුරුවන් වූ අතර අනික් නම මතව සුමංගල නම් වූහ. මතව සුමංගල හිමි වේවැල්දූවේ නාගරුක්ඛරාමය හා නිවන්දම පුරාණ මහා විහාරය යන විහාරද්වයාධිපතිව වැඩ විසූහ. මෙම දෙනම එකල මෙම ප‍්‍රදේශයේ විසූ චිරප‍්‍රසිද්ධ තෙරවරු දෙනමක් හැටියට ආගමික හා ජාතික වැඩවල නිරතව කි‍්‍රයා කළහ. විශේෂයෙන් පිරිත් කීමෙහි මනා පරිචයක් ඇති මේ දෙනම හැම පිංකම් පොළකම පෙරමුණ ගෙන කටයුතු කළහ. එසේම ‘පරිත්ත භාණක’ යන නමින් ප‍්‍රසිද්ධ වූ මෙම දෙනම පිරිත් කීමට නොහැකි මහලු කල පවා පිරිත් කීමට මහත් අභිරුචියක් දැක් වූ බව ඇතැම් අය කියති.

වේඩරුවේ කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ:-
විසිවෙනි ශතවර්ෂයේ මුල් භාගය ගොඩගෙදර විහාරස්ථානයේ ස්වර්ණමය යුගය හැටියට ස`දහන් කළ හැකිය. මෙම වකවානුවෙහි රඹුක්පොත ශ‍්‍රී ප‍්‍රඥාසාරාභිධාන ශී‍්‍ර පාද ස්ථානයේ නායක ස්වාමීන්ද‍්‍රයෝ උත්තර මූල පිරිවෙණ පිහිටුවා වදාළහ. උඩ-පාත දෙරට විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් එහි අධ්‍යාපනය ලැබූහ. එසේ අධන්‍ාපනය ලබා ලෝක ශාසන දෙකට අමරණීය සේවාවක් කළ උතුමන්ගේ ගණන බොහෝය. එවැනි මහ`ගු සේවාවක් සිදුවීමට ප‍්‍රධාන හේතුව ලක්දිව අග‍්‍රගන්‍ය සංඝනේත්රුවරයෙකු වශයෙන් වැජඹුණු රඹුක්පොත ශ‍්‍රී ප‍්‍රඥාසාරාභිධාන ශී‍්‍ර පාද ස්ථානයේ නායක මා හිමියන් වහන්සේ අධ්‍යාපනයෙන් පමණක් නොව ගුණයෙන් ද වැඩිදියුණු වී ගිය ගිහි පැවිදි ශිෂ්‍ය පිරිසක් බිහි කිරීමය.

මෙම ශිෂ්‍ය පිරිස අතර අධ්‍යාපනය ලැබූ වේඩරුවේ කොණ්ඩඤ්ඤ හිමියෝ ද අද මෙන් නොව ගමන් බිමන් අතින් ඉතා අපහසු කාලයක ගොඩගෙදර උත්තර මූල පිරිවෙණට වැඩම කළ යතිවරයෙකි. උන්වහන්සේ එහි දී මූලික අධ්‍යාපනය ලැබ උසස් අධ්‍යාපනය ස`දහා විද්‍යොදය පිරිවෙණට ඇතුළත් වූහ. එහි දී උසස් ලෙස ධර්ම ශාස්ත‍්‍රය හදාරමින් ප‍්‍රාචීන විභාගවලින් ද සාමාර්ථය ලැබූහ.

මෙසේ විද්‍යොදය පිරිවනේ ඉගෙනුම ලබා ගොඩගෙදරට පැමිණ නායක හිමියන්ගේ අධ්‍යාපන කටයුතුවලට අතහිත දෙමින් වැඩ වෙසෙන අතර මිතව හාමුදුරුවන්ගෙන් පුරප්පාඩු වූ කිරිබත්ගොඩ විහාරාධිපති පදවියට පත් වූහ. එම කාලය තුළ විහාරස්ථානය ගොඩනැගිලි අතින් දියුණූ වූ බවක් නොපෙනේ. එහෙත් ගිහි පැවිදි නොයෙක් දෙනාට ධර්ම ශාස්ත‍්‍රය උගන්වමින් ශාසනයේ චිරස්ථිතිිය ස`දහා කටයුතු කිරීමහි යෙදුනහ. නූගත්කම හා අන්ධානුකරණය රජ කළ කාලයක ගුණ නුවනින් හා බහුශ‍්‍රැතභාවයෙන් හෙබි කොණ්ඩඤ්ඤ හිමියන්ගෙන් ලෝක ශාසන දෙකට ලැබූ ආලෝකය කොතෙක් වැදගත් ද යනු තත්කාලීන සමාජ පරිසරය දෙස විමසා බලන කා හට වුවද ඒකාන්තයෙන් අවබෝධ වනු නොඅනුමානය.

වීරඟුලේ සිරි රතනජොති හාමුදුරුවෝ:-
අප‍්‍රතිහත ධෛර්යයක් හා ඉවසීමේ පදනම මත පිහිටා ජීවිතය ඇරඹු උතුමකු හැටියට වීර`ගුලේ සිරි රතනජොති හාමුදුරුවෝ ස`දහන් කළ හැකිය. උන්වහන්සේ ජීවිතයේ මුල් අවධිය ගොඩගෙදර උත්තරමුල පිරිවෙන් රජමහා විහාරයෙහි ගත කරමින් 1919 තරම් කාලයේ දී වේෙ`ඩරුවේ කොණ්ඩඤ්ඤ හාමුදුරුවන්ගේ ඇවෑමෙන් කිරිබත්ගොඩ ශී‍්‍ර සුදර්ශනාරාමයෙහි ආධිපත්‍යයට පත් වූහ. වැඩි කල් යන්නට ප‍්‍රථම මෙම ප‍්‍රදේශයේ ඉතා ජනප‍්‍රිය මහතෙර නමක් බවට පත්ව මෙකල විහාරස්ථානයේ කටයුතු කිරීමට මහත් බාධාවක්ව පැවැත්තේ ධර්මශාලාවක් නොමැතිකම බැවින් ධර්ම ශාලාවක් ගොඩ නැංවීමට ආරම්භ කළ උන්වහන්සේ 1925 දී පමණ දී ධර්ම ශාලාවේ වැඩ අවසන් කොට ඉතා උත්කර්ෂවත් අන්දමන් සති පිරිත් පින්කමක් ද පවත්වා පූණ්‍යනූමෝදනාවක් කළහ.

පිරිත් දේශනාවෙහි මනා පටුස්යක් ඇතිව විසූ ’වීරගුලේ ශ‍්‍රී රතනජෝති’ මාහිමියේ පිරිතටම ඇප කැපවී කාලය ගත නොකළහ. ශාසනයේ චිරස්ථිතිය ඇතිකළ හැක්කේ කෙසේදැයි විමසා ගුණනුවණින් පිරිහුනු සංඝ සමාජය ශාසනය ගෙනයාමට අපොහොසත් බව දුටු උන් වහන්සේ භික්ෂුවගේ දියුණුව ශාසනයේ දියුණුව සේ සැලකූහ. පුද්ගලයාගේ දියුණුව සමාජයේ දියුණුව වන සේ වටහාගත්හ.

කි‍්‍ර.ව. 1919 කිරිබත්ගොඩ ශී‍්‍ර සුදර්ශනාරාමයෙහි විහාරාධිපති පදවියට පත් වීර`ගුලේ ශ‍්‍රී රතනජෝති ස්වාමීන්ද‍්‍රයෝ 1924 දී අපවත් වූහ. උන්වහන්සේ මෙහි වැඩ විසූ කාලය ඉතා සු`ඵ කාලයක් වුවත් ඒ කාලය තුළ කළ ශාසනෝදයකාමී කටයුතුත් එහි ප‍්‍රතිඵලත් දෙස බලන විට තම නාමය අමරණීයත්වයට පත් කළ උතුමකු සේ ඉතිහාසගතව තිබේ.

වීරඟුලේ ශ්‍රී සරණතිස්ස නායක හාමුදුරුවෝ:-
චූඩා මාණික්‍යයෙන් තොර ස්වර්ණමය කිරීටය නියම ලෙස නොබබලයි. චූඩා මාණික්‍යයත් කිරීටයත් එක් තැන් වූ කලම පැහැ විහිදෙයි. එමෙන්ම බුද්ධ පුත්‍රයන් වහන්සේගේ මනා බැබලීමටත්, මහාජනාදරයට පාත්‍ර වීමටත් බහුශ්‍රැත භාවයත් සීල සංවරයත් අත්‍යවශ්‍යය, මේ අංග දෙකෙන් පරිපූර්ණ මහා සංඝයා වහන්සේ අතිශයින් දුර්ලභය.

කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරාධිපති වාගීන්ද්‍ර ධර්මාචාර්ය සිරිරතන ජොති වීරඟුලේ ශ්‍රී සරණාතිස්සාභිධාන බස්නාහිර පලාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මාහිමියන් වහන්සේ එවැනි දුර්ලභ ගණයේ සංඝ පිතෘවරයෙකි.

වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජයන් වහන්සේගේ ශිෂ්‍යයෙකු වූ අත්තරගම රාජගුරු බණ්ඩාර පඬිතුමාගේ පරම්පරාවට අයත් ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරළයේ මැද පත්තුව බද වීරඟුලේ පදිංචි ආරච්චි අප්පුහාමිලාගේ පුංචිසිංඤෙඤා අප්පුහාමි උපාසක මහතාගේ සහ එම හාමිනේගේත් පුත්රුවන ලෙස ක්‍රි:ව: 1898 අප්‍රියෙල් මස 17 වැනි දින ජන්ම ලාභය ලැබූහ.

ක්‍රි.ව. 1912 ජූලි මස ප්‍රච්‍රජ්‍යා භූමියට ඇතුළත් වූ මුන්වහන්සේ ක්‍රි:ව: 1918 දී එවකට මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපතීව වැඩ විසූ අතිගරු ගල්ගිරියාවේ ශ්‍රී බුද්ධරක්ෂිතාභිධාන මහා නායක මාහිමියාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් හා ගොඩගෙදර උත්තරමූල පිරිවෙන් විහාරාධිවාසී වීරඟුලේ සිරි රතනජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරාධිපති වෙඬරුවේ ශ්‍රී කොණ්ඩඤ්ඤ ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා වැලිපිල්ලෑව ශ්‍රී මහා පුරාණ විහාරාධිපති වල්පොල ශ්‍රී අත්ථයදස්සී ස්වාමීන්දූයන් වහන්සේ යන තෙනම ගුරුකොට අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදාශීලයෙහි පිහිට වූහ. උපසම්පදා වීමෙන් පසු තව දුරටත් අධ්‍යාපනය සඳහා 1919 දී ලක්දිව අනුපම ශාස්ත්‍රීය කේන්ද්‍රස්ථානයක් වූ කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙණට ඇතුළත්ව පිරිවෙණාධිපති අතිගරු මහගොඩ ශ්‍රී ඥනේශ්වරාභිධාන නායක ස්වාමීන්දුයන් වහන්සේ සමීපයෙහි නේවාසිකව ධර්ම විනය සහිත ශබ්ද ශාස්ත්‍රය හදාරා 1924 දී විද්‍යොදය පිරිවෙනෙහි අවසාන පරීක්ෂණයෙන් ද උසස් ලෙස සමත් වූහ. මෙසේ අංග සම්පූර්ණ අධ්‍යාපනයක් ලබා ස්වකීය විහාරස්ථානයට වැඩම වූ මුන්වහන්සේ 1925 දී තම ආචාර්යපාදයන් වහන්සේ අපවත් වීමෙන් පුරප්පාඩු ශ්‍රී සුදර්ශනාරාම විහාරාධිපති පදවියට පත් වූහ.

ශ්‍රී සුදර්ශනාරාමය සඳහා මුලින් පුද කල භූමී භාගය විහාරස්ථානයකට අවශ්‍ය ගොඩනැගිලි ඉදි කිරීමට පවා ප්‍රමාණවත් නොවීය. එබැවින් සැදහවත් උපාසක උපාසිකාවන්ගේ නොමසුරු පරිත්‍යාගය නිසාත් ගමේ හා අවට ගමිවාසී සැදැහවතුන්ගේ අනුග්‍රහය ඇතිව නා හිමියන්ගේ බලවත් පරිශ්‍රමය නිසාත් ඉඩම් කැබලි කීපයක් ලැබීමෙන් විහාරස්ථානයේ පැවති තදබදය මගහැරනි. අද පවත්නා දහම් පාසැල් භූමි භාගය ද නා හිමියන්ගේ ධනව්‍යයෙන් ද සැපයිනි.


෴ පෝය ගෙය ක්‍රි:ව: 1927
෴ ධර්ම ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම ක්‍රි:ව: 1930
෴ පැරණි දාන ශාලාව ක්‍රි:ව: 1930
෴ බෝධි ප්‍රකාර බැඳවීම ක්‍රි:ව: 1931
෴ ඝණ්ඨාර කුලුණ ක්‍රි:ව: 1925
෴ අභිනව විහාර මන්දිරය ඉදිකිරීම ක්‍රි:ව: 1952
෴ චෛත්‍යරාජයාණන් වහන්සේ ඉදිකිරීම ක්‍රි:ව: 1966
෴ දහම් පාසැල් ගොඩනැගිල්ල ඉදිකිරීම ක්‍රි:ව: 1969
෴ අභිනව සංඝවාසය ඉදිකිරීම ක්‍රි:ව: 1977


මෙසේ ස්වකීය අගනා කාලයත් සම්පූර්ණ ශක්තියත් කැපකර ලෝක ශාසන දෙකට වැඩ සැලසෙන සේ කුඩා ආරාමයක්ව පැවති ශ්‍රී සුදර්ශනාරාමය අංග සම්පූර්ණ චිත්තාකර්ෂණීය පුණ්‍ය භූමියක් බවට පත්කළ නා හිමියෝ එපමණකිනුදු නොනැවති කිරිබත්ගොඩ ප්‍රදේශයේ දරු දැරියනට අධ්‍යාපනය ලැබීම සඳහා පැවති දුෂ්කරතාවය මඟහරවා ගැනීමට අධිෂ්ඨාන කර ගත්හ. ඒ පිළිබඳ කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් 1956 දී පාසැලකට අවශ්‍ය ඉඩම් ප්‍රමාණයක් වෙන් කරවා ගැනීමේ අවස්ථාව උදාවිය. එහෙත් එම ව්‍යායාමයේ මල්ඵල දක්නට ලැබුනේ 1977 දී විහාරමහාදේවි බාලිකා විද්‍යාලයයක් ආරම්භ කිරීමෙනි.

මෙසේ මුලු ජීවිතයම උදාර සේවාවන් උදෙසා කැප කළ මුන්වහන්සේට උපහාර දැක්වීමක් වශයෙන් ක්‍රි:ව: 1966 ජූනි මස 30 වෙනි දින මහනුවර උපොෂිත පුෂ්පාරාම විහාරාධිපති අතිගරු අමුණුගම රාජගුරු ශ්‍රී විපස්ස්‍යාභිධාන ස්‍යාමොපාලි මහා නිකායේ මහා නායක ස්වාමීන්ද්‍රවර පුමුඛ සානුනායක ගරුතර කාරක මහා සංඝ සභාව විසින් “වාගීන්ද්‍ර ධර්මාචාර්ය සිරි රතනජොති” යන ගෞරවොපාධිය සහිත බස්නාහිර පලාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදිවිය පිරිනැමූහ.

බැලුම්මහර සිරි පඤ්ඤාතිස්ස නායක හාමුදුරුවෝ:-
වීරඟුලේ සරණාතිස්සාභිධාන නාහිමියන්ගේ අභාවය අපේ පන්සලට, කිරිබත්ගොඩට පමණක් නොව සියනෑකෝරලයට ද ඉමහත් පාඩුවක් වුව ද එවැනි තත්වයක් මගහැරී පුනරුදයක් ඇති වූයේ රාජකීය පණ්ඩිත බැලුම්මහර පඤ්ඤාතිස්ස නාහිමියන් විහරාධිපති ධූරයට පත්වීම හේතුවෙනි.

බැලුම්මහර ග්‍රාමයේ දී රාජ්‍ය වර්ෂ 1915 මාර්තු මස 5 වැනි දින ජන්ම ලාභය ලද උන්වහන්සේගේ පියාණන් වූයේ රණසිංහ කංකානමලාගේ දොන් ජුවානිස් අප්පුහාමිය. මෑණියන් වූයේ ලියනගේ දොන් සොපියානා පෙරේරාය.

ගොඩගෙදර විහාරස්ථානයේ සති පිරිත් පිංකම අවස්ථාවේ දී සතියක් වැනි කෙටි කාලයක් තුළ දොරකඩ අස්න කීමට තෝරා ගැනුනු කුල කුමරුවාට පැවිද්ද පිළිබඳ අභිලාශයක් පහළ වූ බව කියැවේ. 1930 මැයි 9 වැනිදා උන්වහන්සේ සසුනට භාර කරන ලදී. ප්‍රච්‍රජ්‍යා භූමියට ඇතුලත් වූයේ කිරිබත්ගොඩ සුදර්ශනාරාමයේ දී ගොඩගෙදර උත්තරමූල පිරිවෙන් විහාරාධිපති අති ගෞරවනීය බුත්පිටියේ ශ්‍රී සෝමසාර සහ සුදර්ශනාරාම පුරාණ විහාරාධිපති වීරඟුලේ ශ්‍රී සරණතිස්ස නාහිමිවරුන්ගේ ආචාර්යත්වයෙනි. 1934 දී විද්‍යොදය පිරිවෙණට ඇතුලත් වූ අතර රාජකීය පණ්ඩිත උපාධිය හිමිකරගත්හ.

උන්වහන්සේ සෑහෙන කාලයක් රත්නපුර ශාස්ත්‍රෝදය, මාරපන ශාස්ත්‍රෝදය, ගම්පහ පහළගම විද්‍යා රවින්ද පිරිවෙන්හි ආචාර්යවරයෙකු ලෙස මහඟු සේවාවක් ඉටු කළහ.111 දිවයිනේ සතර දිග් භාගයේම පමණක් නොව ඉන්දියාව, මියන්මාරය (බුරුමය), තායිලන්තය (සියම), කාම්‍බෝජය, මැලේසියාව හා එංගලන්තය ආදී රටවල ථේරවාදී බුදු දහම ප්‍රචාරය කෙරෙහි උන්වහන්සේගෙන් ඉටු වූයේ අනුපමේය මෙහෙවරකි.

ආගමික සාහිත්‍යමය හා සංස්කෘතික වශයෙන් අගනා “මා දුටු පෙරදිග බෞද්ධ සිද්ධස්ථාන”, “ශ්‍රී සරණාතිස්ස පූජෝපහාර”, “සිරි සුදසුන් වෙහෙර වරුණ හෙවත් සම්බුදු සිරිත (පද)”, “සදහම් කැඩපත”, “චාරිත්‍ර වාරිත්‍ර වක්‍රය” මෙන්ම “සිංහල භාෂා සාහිත්‍යයේ විකාශනය” නම් වූ පර්යේෂණ ග්‍රන්ථයක් ද උන්වහන්සේගේ තෙලිතුඩින් පාඨකයන්ට දායාද කෙරිණි.

පාණ්ඩිත්‍යය, නිහතමානීත්වය, ජනහිතකාමීභාවය මෙන්ම ඉවසීම උන්වහන්සේගේ චරිතයේ උදාරතම ලක්ෂණ විය. ජාතියේත් ශාසනයේත් චිරස්ථිතිය උදෙසා ඇප කැපව ක්‍රියා කළ උන්වහන්සේගේ එම සේවාව ඇගයීමට පාත්‍ර කරමින් ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශවයේ සංඝ සභාවේ සමාන ඡන්දයෙන් උන්වහන්සේ “වාගීන්ද්‍ර ධර්මාචාර්ය සිරි සරණතිස්ස” යන ගෞරව උපාධි නාමය සහිතව බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ධූරය පිරිනමන්නට යෙදුනි.

1997 ජූනි 14 වැනි දින සිදු වූ මුන්වහන්සේගේ හදිසි අභාවය ශාසනික හා ජාතික මෙහෙවරෙහි නොසිතූ නොපැතූ අවසානයක් සනිටුහන් කළේය. උන්වහන්සේගේ මෙම හදිසි අපවත්වීමෙන් අනතුරුව පූජ්‍ය මාකොළ මංගල ස්වාමීන් වහන්සේ විහාරාධිපති ධුරයට පත් වූහ.111 වර්තමානයේ දී මෙම විහාරස්ථානය ප්‍රදේශයේ විහාරස්ථාන අතර සම්මානීයත්වයට පත්වීමේ තත්වය මාකොළ මංගල හිමියන්ගේ සම්ප්‍රාප්තියත් සමග සිදු වූ බව පැවසීම අතිශෝක්තියක් නොවේ.

පූජ්‍ය මාකොළ මංගල හිමි (විහාරාධිපති 1997 සිට):-
මූලික අධ්‍යාපනය:- හෙයින්තුඩුව මහා විද්‍යාලය , ගුරුකුල මහා විද්‍යාලය.
උසස් අධ්‍යාපනය:- B. A. (ගෞරව), M. A., M Phils කැලණිය විශ්ව විද්‍යාලය. මනෝවිද්‍යාව හා උපදේශනය ඩිප්ලෝමා - John Guyer Psychological Institute, Colombo.

ආචාර්යවරු:-
1. හීන්කෙන්ද ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරාධිපති පූජ්‍ය කැන්දලියැද්දපාළුවේ ධම්මපාල ස්වාමීන්ද්‍රයන් වහන්සේ.
2. කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරාධිපති පූජ්‍ය බැලුම්මහර පඤ්ඤාතිස්සාභිධාන බස්නාහිර පලාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ.
3. වැලිපිල්ලෑව ශ්‍රී මහා පුරාණ විහාරාධිපති පූජ්‍ය, කැනැලියැද්දපාළුවේ නන්දාරාමාභිධාන බස්නාහිර පලාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

මේ දිනවල උන්වහන්සේ කැලිෆෝනි‍යාවේ University of the Westහි ථේරවාද බෞද්ධ දර්ශනය පිළිබඳව පශ්චාත් උපාධිය (PHD) සඳහා පර්යේෂණ කටයුතුවල නියතුව සිටී.
 
Latest Image Galleries
Sudasuna Search
Contacts
All Right Reserved
Our Temple
Our Dhamma School

Search for:

Sri Sudarshanaramaya,

Kiribathgoda.

TP:+94 112910695

Mail:info@sudasuna.lk

Uploading any of these articles and audio or video contents on the web for any purpose is not allowed without a written consent of the 'sudasuna.lk'.

Back To Top | Login