දහම් පාසැලේ විදුහල්පතිතුමියගේ පණිවිඩය

බුදුන්වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශයෙන් අති පූජනීයත්වයට පත් කැලණිය පුරවරයේ කිරිබත්ගොජ ප්‍රදේශවාසීන්ගේ සිත් දහම් සිසිලසින් නිවාලන ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ “සිරි පඤ්ඤාතිස්ස ධර්ම විද්‍යාලය”, ප්‍රදේශවාසී දරුවන්ගේ ගුණ නැණ දියුණු කිරීමට 1931 වර්ෂයේ පටන් කැපවුණ කැපී පෙනෙන ධර්ම විද්‍යාලයකි. විහාරාධිපතිව වැඩ විසූ නායක ස්වාමීන් වහන්සේලාගේ නායකත්වය හා අනුශාසකත්වය යටතේ රටට අවැසි උගත් ගුණගරුක දූ දරුවන් දහස් සංඛ්‍යාවක් රටට ජාතියට දයාද කරන ලද බව සතුටින් දන්වමි.

අප ධර්ම විද්‍යාලය මගින් යහපත් බොදු දරුවෙකු සමාජයට දයාද කිරීමට ව්‍යපෘති ගණනාවක් දියත් කර ඇත. එයින් ප්‍රධාන සැලසුම් කීපයක් මෙසේය:

෴ අදාල පාඨ ග්‍රන්ථ තුලින් නියමිත ශ්‍රේණිවලට අවශ්‍ය දහම් දැනුම ලබාදීමට දහම් කරුණු ඉගැන්වීම.
෴ අභ්‍යාස, විභාග, තරඟ, මගින් ඔවුන් ලබාගත් දැනුම තහවුරු කිරීම.
෴ තිළිණ හා ප්‍රශංසා ලබා දීමෙන් දරුවන් දහම් අධ්‍යාපනයට පෙළඹ වීම.
෴ ආගමික සිරිත් විරිත් වත් පිළිවෙත් හුරු කර ගැනීමට දරුවාට සහාය වීම.
෴ පොහෝ දින වත් පිළිවෙත් කරවීම.
෴ විහාරස්ථානයේ ප්‍රධානම ආගමික උත්සවය වන කඨින පූජොත්සවයේ සියලු කටයුතුවලට හා අනෙකුත් ආගමික උත්සව කටයුතුවලට දරුවන් යොමු කිරීම.
෴ බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුව, තරුණ බෞද්ධ සමිතිය, වෙනත් ආගමික සංවිධාන මගින් කරනු ලබන තරඟ, විභාග හා උත්සවවලට ළමුන් යොමු කිරීම.
෴ ළමුන් නායකත්වයට හා වගකීම් දැරීමට හුරු කරවීම.
෴ කථික නිපුණතා හා නිවේදන කුසලතා දියුණු කර ගැනීමට අවස්ථාවන් සලසා දීම.
යන ස්වාමීන් වහන්සේලා විහාරාධිපති පදවිය දරමින් කළ මෙහෙය ඉතා විශාල වේ.



ඡායාරූපය - සුමනා ප්‍රේමදාස, ප්‍රධානාචාර්ය, (විශ්‍රාමලත් විදුහල්පති, අධ්‍යාපන පරිපාලන සේවයේ 1 පංතිය)

එමෙන්ම මෙම සත් කාර්යය උපරිම අයුරින් සාර්ථක කර ගැනීමට නිරතුරුව සහයෝගය ලබාදෙන දායක සභාව, මෙහෙයුම් කමිටුව, ආචාර්ය මණ්ඩලය ස්තූති පූර්වකව සිහිපත් කරමි. මේ සියලු දෙනාගේ සහාය අපට නිබදව ලැබෙන අතර දෙමාපියන්ගේ කැපවීම හා සහාය අත්‍යවශ්‍යය. දරුවනි, ඔබේ අනාගතය රඳා පවතින්නේ පොතපත කතියවීමෙන් ලබා ගත් දැනුම මත පමණක් නොව ඒ හා සමගම ගුණ නැණ දෙකෙන් ද ඔබ පෝෂණය වුවහොත් පමණි. දහම් පාසැල් අධ්‍යාපනයෙන් උපරිම ඵල ප්‍රයෝ‍ජන ලබාගෙන තම ජීවිත සාර්ථක කර ගන්නා මෙන් සියලු දරුවන්ට සෙනෙහසින් යුතුව ආරාධනය කරමි. එම දහම් අධ්‍යාපනය ලබන ඔබ අනාගතයේ දී සැදැහවත්, බුද්ධිමත්, අතරමං නොවූ, සදාචාර සම්පන්න ගුණගරුක, විනයගරුක පුද්ගලයෙකු වේවා! තෙරුවන් සරණ වේවා!

සුමනා ප්‍රේමදාස
ප්‍රධානාචාර්ය
(විශ්‍රාමලත් විදුහල්පති, අධ්‍යාපන පරිපාලන සේවයේ 1 පංතිය)
 
Latest Image Galleries
Sudasuna Search
Contacts
All Right Reserved
Our Temple
Our Dhamma School

Search for:

Sri Sudarshanaramaya,

Kiribathgoda.

TP:+94 112910695

Mail:info@sudasuna.lk

Uploading any of these articles and audio or video contents on the web for any purpose is not allowed without a written consent of the 'sudasuna.lk'.

Back To Top | Login